Ramaiya Vastavaiya
බැලිය යුතුම ලස්සන ආදර කතාව Ramaiya Vastavaiya
ඔන්න කාලෙකට පස්සේ තවත් ලස්සන Hindi Film එකක් හම්බුනා ඇත්තටම මේක නම් මාරම ලස්සන film එකක් මේකේ අධ්‍යක්ෂක වන්නේ ප්‍රභුදෙවා. ප්‍රධාන නළුවට රඟපාන්නේ ගිරිෂ් කුමාර් කියල අලුත් කොල්ලෙක්. නිලියට ඉන්නේ කමල් හසන්ගේ දුව වන ශෘති හසන්. කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කො කොල්ලගේ නම රාම් කෙල්ල සෝනා රාම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ලොකු සල්ලි කාරයෙක්ගේ පුතෙක් සල්ලි කාරයෙක් කිවුවට නිකන් නෙමෙයි බිලියනපතියන් 500 දෙනා අතරේ ඉන්න කෙනෙක්. සෝනා නම් දුප්පත් ගමක දුප්පත් කෙල්ලෙක් සෝනා පොඩි කාලෙදී සෝනාගේ තාත්තා වෙන විවාහයක් කරගන්නවා ඒ දුකට සෝනාගේ අම්ම මැරෙනවා ඊට පස්සේ අයිය තමා ගොවිතැන් කරමින් සෝනාව පොඩි කාලේ ඉදලා බලාගන්නේ. යාලුවෙක්ගෙ wedding party එකකදී තමා සෝනා සහ රාම් මුන්ගැහෙන්නේ කොහොමහරි දෙන්න ආදරේ කරනවා එත්පොඩි ප්‍රශ්නයක් නිසා සෝනාගේ අයියා සොනාව අපහු එක්කන් යනවා. ඒත් කොල්ලා කොහොමහරි කෙල්ලව හොයාගෙන ගමට එනවා සෝනාගේ අයිය දැඩි ලෙස විරුද්ද වෙනවා කොහොමහරි අවසානේ සෝනාගේ අයියා රාම්ට අභියෝගයක් දෙනවා සොනාව විවාහ කරගන්න ඕනේ නම් ගොවිපලේ සියලු වැඩ කිරීමට සිදුවන බවත් ගොවිතැන් කලයුතු බවත් තමන්ට වඩා අස්වැන්න වැවිය යුතු බවත්. ඉතින් ජීවිතේට කොස්සක් වත් අල්ලපු නැති රාම්ට මේ අභියෝගෙ ජය ගන්න පුළුවන් වෙයිද? ඉදිරියට මොනව වෙයිද? ඇත්තටම මේක ගොඩක් ලස්සන film එකක් බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන් ඒ වගේම ඕනනම් ටිකක් අඩන්නත් පුළුවන් එහෙනම් කියෙවුව ඇති මෙන්න Download කරගෙන අනිවා බලන්න :D