Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts

Monday, December 23, 2013

ඕන එකක් Convert කරමු

Format Factory
 





ඕන එකක් Convert කරමු





ඔන්න අදත් මන් පට්ට භාන්ඩයක් අරගෙන අවා ගොඩක් අය මේක ගැන දන්නවා එත් නොදන්න සෙට් එකකුත් ඉන්නවනේ. අද ගොඩක් අයට තියන ගැටළුවක් තමා Videos,Audios සහ Pictures වල format එක වෙනස් කරගන්න සාර්ථක ක්‍රමයක් නොතිබීම. තමන්ට කැමති video එකක් දුරකථන වලට දැමීමට ඊට අදාළ format වලට convert කිරීමට සහ video files audio කරගැනීමට සහ ඕනෑම videos,audio සහ picture format එකක් convert කරගන්න පුළුවන් software එකක් තමා Format Factory කියන්නේ. ගොඩක් converters වලින් කෙරෙන්නේ video files audio files කිරීම හෝ වෙනත් video format වලට හැරවීමයි.එහෙත් format factory නමැති මේ software එකෙන් video,audio පමණක් නොව picture format පවා convert කල හැකිය. තවද ripping DVD හා VCD files වෙනත් format වලට convert කරන්නත් මේ software එකෙන් පුළුවන්.උදාහරණ වශයෙන් DVD rip එකක් iso file එකක් බවට පත් කිරීම හැදින්විය හැකියි.මේ මෘදුකාංගයට video file කීපයක් තනි video file එකක් බවට පත් කිරීමේ හැකියාවද ඇත.

Tuesday, December 17, 2013

Computer එකේ Sound/Bass වැඩි කරගමු

How to Increase the Bass & Sound on your Computer

 

 





Computer එකේ Sound/Bass වැඩි කරගමු





ඔන්න අද මම අවේ සුපිරිම පොස්ට් එකක් අරන් ඇත්තටම මම හිතනවා ගොඩක් අයට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ගොඩක් අය computer එකෙන් තමා සින්දු අහන්නේ ඉතින් ගොඩක් වෙලාවට හොද Subwoofer එකක් use කරනවා එත් සමහර වෙලාවට එකෙන් එන bass එකට වඩා වැඩි bass එකක් බලාපොරොත්තු වෙනවා මීටත් වඩා තියනවනම් හොදයි කියල තමා හිතන්නේ :D ගොඩක් අය නොයෙක් විදියේ softwares use කරනවා එත් ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන තරම් ප්‍රතිපලයක් ලබා ගන්න බැ. එත් මම අද අරන් ආවේ පට්ට advance සුපිරි බාන්ඩයක්. එත්තටම මමත් use කරන්නෙත් මේක තමා sound නම් maxxa මේකෙන් අපිට Fidelity, Amibience, 3D Sorround, Dynamic Boost සහ Hyperbass යන අංග සියල්ල පාලනය කරන්න පුලුවන් ඒ වගේම Spekers හා Headphones සදහා වෙන වෙනම සහය ලබාගන්නත් පුළුවන් තවද music type කිහිපයක් යටතේ sounds වෙනස් කර සකසා ගන්න පුළුවන්. හරි එහෙනම් download කරගෙන බලන්න. මම නම් kmplayer එකේ equalizer on කරලා මේක දාල තියෙන්නේ sound එලටම තියනවා

Tuesday, December 10, 2013

මාගේ පළමු නිර්මාණය වේගය පහසුව සමග Email

Easymail





මාගේ පළමු නිර්මාණය වේගය පහසුව සමග Email






අද දෙන්න යන්නේ චූටි software එකක් ඇත්තටම මේක නිර්මාණය කරේ මම. ඉතින් මගේ පලවෙනි software එක ඔයාලාටත් දෙන්න හිතුවා මේක ඔයාලට සමහර විට වැදගත් වෙන එකක් නැ ඒත් මේක ප්‍රොයෝජනවත් වෙන අවස්ථා බොහොමයක් තියෙන්න පුළුවන් එත්තටම මේකේ Codes නම් අන්තර්ජාලයෙන් ලබා ගත්ත ඒවා අනිකුත් සම්පුර්ණ නිර්මාණ කටයතු කලේ මම. හරි අපි බලමු මොකක්ද මේ software එක කියල මේකේ නම තමයි Easymail. සාමාන්යෙන් අපට Email එකක් යැවීම සදහා කාර්යන් කිහිපයක් සිදු කරන්න වෙනවා මුලින් කුමක් හෝ Web Browser එකක් open කරගෙන Gmail නම් google හෝ Yahoo mail නම් yahoo හෝ වෙබ් අඩවි වලට පිවිස එහි Gmail හෝ yahoo mail තෝරාගෙන අපගේ user name සහ password ඇතුලත් කල account එක තුලට ගොස් mail එක type කර send කල යුතුය මේ කාර්ය මේ ආකාරයට සිදු කිරීමට වැඩි කාලයක් හා වැඩි data හෙවත් අන්තර්ජාල දත්ත ප්‍රමාණයක් වැය වේ. මොකද මේ කාර්ය සදහා web pages කිහිපයක්ම open කිරීමට සිදු වේ ඒවා load වීමට වැඩි කාලය හා වැඩි දත්ත ප්‍රමාණයක් වැය වේ එහෙත් මා විසින් නිර්මාණය කර ඇති මෙම software එක මගින් කාලය සහ දත්ත දෙකම ඉතිරි කරගැනීමට හැකි වේ. අප මෙසේ සිතමු ඔබගේ Internet connection එක තුල අවම දත්ත ප්‍රමාණයක් තිබෙන විට එම දත්ත ප්‍රමාණයෙන් ඉක්මනින්ම mail එකක් යවන්න අවශ්‍යයි නම් එහෙත් ඔබට web pages කිහිපයකටම ගොස් කාලය හා දත්ත වැය කරමින් ඔබේ කාර්ය කරගනීමට සිදු වෙනවා එසේත් නැත්තම් ඔබගේ Internet connection එක ඉතා මන්දගාමී නම් ඔබට එම කාර්ය කරගැනීමට වැඩි කාලයක් ගත කිරීමට සිදු වෙනවා එහෙත් මේ software එක මවැනි අවස්ථා වලදී ඉතා ප්‍රයෝජනවත්. මෙමගින් කිසිම Web Page එකක් open කිරීමට අවශ්‍ය වන්නේ නැ අවම වශයෙන් web browser එකක් වත් open කිරීමට අවශ්‍ය වන්නේ නැ මෙහිදී වැය වන්නේ mail එක send වීමට අවශ්‍ය දත්ත ප්‍රමාණය හා කාලය පමනයි එම නිසා මෙවැනි අවස්ථා වලදී ඉතා අඩු කාලයකින් හා ඉතා අඩු දත්ත ප්‍රමාණයකින් අපට අවශ්‍ය දෑ පහසුවෙන් කරගනීමට හැකි වෙනවා

Tuesday, October 29, 2013

Copy කරන්න බැරි CD/DVDs ගේමක් නැතුව copy කරමු

How to copy protected or scratched CDs & DVDs


 
 
  

 

Copy කරන්න බැරි CDs/DVDs ගේමක් නැතුව copy කරමු





ඔන්න වෙනදා වගේම අදත් මන් සුපිරි ගැජට් එකක් අරගෙන අවා හැමදාම කියනව වගේ මේකත් ගොඩක් වටින සහ ගොඩාක් වැදගත් වෙන දෙයක්. වර්තමානය වන විට internet,pen drivers සහ portable hard disk වගේ දේවල් නිසා CD/DVD බාවිතයේ යම් අඩුවීමක් දක්නට ලැබුනත් CDs,DVDs යනු අපට අත්‍යවශ්‍ය ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් බව ඔබ සැම දන්නා කරුණකි. CD එකක් හෝ DVD එකක් copy කරගැනීමට අවශ්‍ය වුවොත් අපට එය සාමාන්‍ය ආකාරයට copy කරගත හැක එහෙත් බහුතරයක් Original ලෙස මිලදී ගන්නා CDs,DVDs කතෘ අයිතිය සුරැකීම සදහා හෝ වෙනත් නීතිමය හේතුන් මත copy කිරීමට නොහැකි ලෙස සැකසූ ඒවා වේ තවද අප සතුව ඇති copy කිරීමට හැකි සාමාන්‍ය CDs,DVDs වුවත් යම් යම් සීරීම් වැනි දෝෂ නිසා copy කිරීමට නොහැකි තත්වයේ ඇති ඒවා විය හැක ඉතින් මෙවැනි අවස්ථා වලදී අපට අවශ්‍ය කාර්ය කරගැනීමට නොහැකි වෙනවා එත් අද මම දෙන්න යන Software එක මගින් copy කිරීමට නොහැකි ලෙස සැකසූත් නොයෙකුත් දෝෂ නිසා copy කිරීමට නොහැකි වුත් CDs/DVDs ගේමක් නැතුව පහසුවෙන් copy කරගන්න පුළුවන්.

Monday, August 5, 2013

ඔක්කොම Web Browsers එකම තැනින්

Best Web Browsers




 

ඕන එකක් බාගන්න




ඔන්න අද මම ඔයාලට දෙන්න හදන්නේ දැනට තියෙන සුපිරිම Web Browsers සෙට් එකක් Internet යන්නනම් Web පිටු පරිශීලනය සදහා Web Browser එකක් අත්‍යවශ්‍යයි ටීම් බර්න්ස්ලි විසින් ලොව ප්‍රථම Web Browser එක නිර්මාණය කල පසු විවිද සමාගම් විසින් විවිද Web Browsers නිර්මාණය කරන ලදී මේ අතර වර්තමානයේ ලොව අංක එකේ Web Browser එක ලෙස පත් වී ඇත්තේ Google සමාගම විසින් නිෂ්පාදිත Google Chrome Web Browser එකයි. Internet යන්නම් හොද Internet Connection එකක් වගේම හොද Browser එකකුත් තියෙන්න ඕනේ. කොච්චර Speed Internet connection එකක් තිබුනත් Browser එක Slow නම් Internet එපා වෙනවා ඒ හින්ද ඉතින් හොද Browser එකක් තෝරාගන්න එක අපේ වැඩක්නේ මෙන්න එහනම් ඕන එකක් බාගන්න

Thursday, July 25, 2013

තාම හරියන වයිරස් ගාර්ඩ් එකක් හම්බුනේ නැද්ද?

Microsoft Security Essentials





තාම හරියන වයිරස් ගාර්ඩ් එකක් හම්බුනේ නැද්ද?




ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ Microsoft Security Essentials කියන Microsoft Recommended හොදම වයිරස් ගාර්ඩ් එකක්. මෙය එලි දක්වා ඇත්තේ 2009 වන වසරේ සැප්තැම්බර් 29 වන දිනයි. මේ වන විට මෙය Download කර ඇති වාර ගණන මිලියන 30 ටත් වැඩි බව Microsoft වෙබ් අඩවි වාර්තා පෙන්වා දී තිබෙනවා. මෙහි ඇති තවත් විශේෂයක් වන්නේ මෙය නොමිලේම ලබාගත හැකි වයිරස් ගාර්ඩ් එකක් වීම හා මෙයට Crack,Serial keys කිසිවක් අවශ්‍ය නොවීමයි. මෙමගින් ඔබගේ පරිගනකයේ හා Pen Drivers වැනි ඕනැම Removable Storage Device එකක් පහසුවෙන් හා වේගයෙන් Scan කරගත හැකිය. එහනම් දාලම බලන්න හැබෙයි මේක Support කරන්නේ Genuine Windows වලට විතරයි එත් ඉතින් දැන් තියන ගොඩක් Copy Genuine කරපු ඒවනේ හැබැයි ඔයාලගේ OS එක Windows 8 නම් මේක දැමීම අවශ්‍ය නැ මොකද Windows Defender ලෙස මේ Guard එක ඔයාලගේ Windows එකට ස්ථාපනය වී ඇති නිසා. හරි Windows XP/Vista/7 තියන අය මෙන්න බාගන්න