AMAZING TECH LK
බ්ලොග් එක ගැන යමක්
පොස්ට් එක ලියන්න ගත්තට මොනව ලියන්නද මන්දා :D දහසක් බ්ලොග් අඩවි වෙබ් අඩවි අතරේ මටත් උවමනා වුනා ඔන්න බ්ලොග් එකක් කරන්න. ඇත්තටම බ්ලොග් එකක් කරන්න අදහසක් තිබුනත් කරන්න ලොකු උවමනාවක් වෙලාවක් තිබුනේ නැ අනික මොනව දාන්නද කිය කිය තමා හිටියේ එත් ඉතින් නමක් දාල බ්ලොග් එක ලියන්න ගත්ත Technical පැත්තෙන් ඉතින් මගේ යාලුවෝ ගොඩක් මගෙන් සමහර දේවල් ගැන උදවු ගන්නවා ඉතින් ඒ අයට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.මම දන්න පොඩි දේ හරි මේකේ දාන්න කියල තමා පටන් ගත්තේ මම කියලත් ලොකු දේවල් දන්නේ නැ එත් දන්න චපොඩි දේ හරි දාල බ්ලොග් එකක් කරගෙන යන්න හිතුවේ විනෝදාංශයක් විදියට වගේම නොදන්න දේවල් ගැන අනිත් අයට දැනගන්න ඉගෙනගන්න පුළුවන් තැනක් විදියට හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියල හිතල. මගේ යාලුවෝ නොවියසිල්ලෙන් බලාගෙන හිටියේ මේක හදනකන් මගේ පරක්කුව නිසා චාටර් වෙන්න වුන අවස්ථාත් නෙතුවම නෙමෙයි :p මම මේක කරන්න ගත්තේ අමුතුම ශයිලයකට එකනේ බ්ලොග් එකට දැන් මේ පොස්ට් එක ලියන්නෙත් :D
2013 12වන මස 10 වන දින රාත්‍රී 09.05ට තමා බ්ලොග් එක ආරම්බ කලේ.
මේ බ්ලොග් එකේ මොනවද තියෙන්නේ? එකක් කියල නැ හැමදෙයක්ම වගේ තියනව ප්‍රදාන වශයෙන් ගත්තොත් Softwares,Tricks අලුත් Movies,Games සහ Android සම්බන්ද දේවල්. තාක්ෂණික පැත්තෙන් කාලීන ගැටළු,කලීනව අවශ්‍ය වෙන දේවල්,වැදගත් වෙයි කියල හිතෙන දේවල් තමා ඇතුලත් කරන්නේ කවුරුහරි කෙනෙක්ට මොන පැත්තකින් හරි මගේ බ්ලොග් එක වැදගත් උනානම් උදවු වුනානම් ඒක තමා මට වටින්නේ. බ්ලොග් එකේ ගොඩක් අඩු පාඩු ඇති විශේෂයෙන්ම පොස්ට් වල අකුරු සම්බන්දයෙන් ගොඩක් වේලාවට බහුතරයක් වචන අකුරු වැරදි ඇති මොකද input tools වලින් type කරද්දී සමහර වචන නිවැරදි ආකාරයටම ඉදිරිපත්කරන්න අපහසුයි. ඒ නිසා ඒක ගැන වැඩිය හිතන්න එපා තියන දේ තේරෙනවනේ :D
මට මේකට ගොඩක් අදහස් ඕනේ වුනා නොයෙකුත් උපකාර ඉතින් මට වචනෙකින් පවා උදවු කරපු හැමෝටම ස්තුතිය පුදකරනවා. ඒ වගේම මේ බ්ලොග් එක නිසා මම ගොඩක් දේවල් ඉගෙනගත්තා ගොඩක් නොකරපු කරන්න නොහිටිය දේවල් කරා ඒ ගැන ගොඩක් සතුටුයි.මම මුලදි හිතුවටත් වඩා හොදින් මට මේක කරගන්න පුළුවන් වුනා. විශේෂයෙන්ම ස්තුති වන්ත විය යුතු කෙනෙක් ඉන්නවා නොයෙකුත් දේවල් වලින් පුළුවන් ආකාරයට උදවු කරපු Madusahan සොයුරාට මම විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා. ඉදිරි මාස කිහිපයේ නම් මට බ්ලොග් එකට වැඩි අවදානයක් යොමු කරන්න වෙන්නේ නැ අද්යාපන කටයුතු නිසා ටික කාලයකට කණගාටුවෙන් වුනත් මේ දේවල් වලින් දුරස්වෙන්න සිදු වෙලා තියනවා. එත් බ්ලොග් එක නම් පාලු වෙන්න දේන්නේ නැ මාසෙකට එක පොස්ට් එකක් හරි අනිවාරෙන් ලැබෙන්න සලස්වනවා :D . එහෙනම් ඉදිරියේදීත් ඔයාලට ගොඩක් වටිනා පොස්ට් ගොඩක් එක්ක හමුවීමේ බලාපොරොත්තු ඇතුව පොස්ට් එක අවසන් කරනවා. මෙන්න බ්ලොග් එක වෙනුවෙන් මම නිර්මණය කරපු video කෑල්ලක් එකත් බලලම යන්න. සමහර විට connection එක ස්ලෝව් නම් බ්ලොග් එකේ play වෙන්න ටිකක් අමාරුකරයි එහම වුනොත් video එකට පහළ තියන Click Here ටැබ් එක click කරන්න.. ජය වේවා!!!
Connection එක ස්ලෝව් ද? Video එක හිරවෙනවද? එහනම් පහල Click Here ටැබ් එක click කරන්න
ඔන්න එහෙනම් මං ගියා.. එහෙනම් comment එකක් දාලම යමු ආයෙත් post එකකින් හම්බෙමු.. ජය වේවා!!!
You are welcome CJ
ReplyDeleteMachan mama vihaga elz supper edirita hoda post danna
ReplyDeletethanking for youre cooperation (y) :D
DeleteCool and that i have a super offer you: How To Budget House Renovation whole house remodel cost
ReplyDelete