Tuesday, December 10, 2013

මාගේ පළමු නිර්මාණය වේගය පහසුව සමග Email

Easymail





මාගේ පළමු නිර්මාණය වේගය පහසුව සමග Email






අද දෙන්න යන්නේ චූටි software එකක් ඇත්තටම මේක නිර්මාණය කරේ මම. ඉතින් මගේ පලවෙනි software එක ඔයාලාටත් දෙන්න හිතුවා මේක ඔයාලට සමහර විට වැදගත් වෙන එකක් නැ ඒත් මේක ප්‍රොයෝජනවත් වෙන අවස්ථා බොහොමයක් තියෙන්න පුළුවන් එත්තටම මේකේ Codes නම් අන්තර්ජාලයෙන් ලබා ගත්ත ඒවා අනිකුත් සම්පුර්ණ නිර්මාණ කටයතු කලේ මම. හරි අපි බලමු මොකක්ද මේ software එක කියල මේකේ නම තමයි Easymail. සාමාන්යෙන් අපට Email එකක් යැවීම සදහා කාර්යන් කිහිපයක් සිදු කරන්න වෙනවා මුලින් කුමක් හෝ Web Browser එකක් open කරගෙන Gmail නම් google හෝ Yahoo mail නම් yahoo හෝ වෙබ් අඩවි වලට පිවිස එහි Gmail හෝ yahoo mail තෝරාගෙන අපගේ user name සහ password ඇතුලත් කල account එක තුලට ගොස් mail එක type කර send කල යුතුය මේ කාර්ය මේ ආකාරයට සිදු කිරීමට වැඩි කාලයක් හා වැඩි data හෙවත් අන්තර්ජාල දත්ත ප්‍රමාණයක් වැය වේ. මොකද මේ කාර්ය සදහා web pages කිහිපයක්ම open කිරීමට සිදු වේ ඒවා load වීමට වැඩි කාලය හා වැඩි දත්ත ප්‍රමාණයක් වැය වේ එහෙත් මා විසින් නිර්මාණය කර ඇති මෙම software එක මගින් කාලය සහ දත්ත දෙකම ඉතිරි කරගැනීමට හැකි වේ. අප මෙසේ සිතමු ඔබගේ Internet connection එක තුල අවම දත්ත ප්‍රමාණයක් තිබෙන විට එම දත්ත ප්‍රමාණයෙන් ඉක්මනින්ම mail එකක් යවන්න අවශ්‍යයි නම් එහෙත් ඔබට web pages කිහිපයකටම ගොස් කාලය හා දත්ත වැය කරමින් ඔබේ කාර්ය කරගනීමට සිදු වෙනවා එසේත් නැත්තම් ඔබගේ Internet connection එක ඉතා මන්දගාමී නම් ඔබට එම කාර්ය කරගැනීමට වැඩි කාලයක් ගත කිරීමට සිදු වෙනවා එහෙත් මේ software එක මවැනි අවස්ථා වලදී ඉතා ප්‍රයෝජනවත්. මෙමගින් කිසිම Web Page එකක් open කිරීමට අවශ්‍ය වන්නේ නැ අවම වශයෙන් web browser එකක් වත් open කිරීමට අවශ්‍ය වන්නේ නැ මෙහිදී වැය වන්නේ mail එක send වීමට අවශ්‍ය දත්ත ප්‍රමාණය හා කාලය පමනයි එම නිසා මෙවැනි අවස්ථා වලදී ඉතා අඩු කාලයකින් හා ඉතා අඩු දත්ත ප්‍රමාණයකින් අපට අවශ්‍ය දෑ පහසුවෙන් කරගනීමට හැකි වෙනවා




හරි අපි බලමු කොහොමද මේ Easymail වලින් Email යවන්නේ කියල


 
  
Yore Email - ඔබගේ email address එක (logging details)
Password - ඔබගේ email password එක (logging details)
To - email එක යැවීමට අවශ්‍ය කෙනාගේ email address එක
From - නැවතත් ඔබගේ email address එක
Subject - ඔබට අවශ්‍ය මාතෘකාව
Text - ඇතුලත් කල යුතු දෑ


සියලු තොරතුරු ඇතුලත් කිරීමෙන් පසුව text box එකට වම් පසෙහි ඇති letter icon එක එක් වරක් click කිරීමෙන් පසු ඉතා සුළු කාලයක් ඇතුලත email එක send වී ''mail sent'' ලෙස display massage එකක් දිස් වනු ඇත




Download කර ගැනීම සදහා පහත ඇති Download ටැබ් එක click කර open වන page තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම් Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න)


http://adf.ly/aXgoK
 

මෙය install කිරීමට හැකි වන්නේ ''Microsoft NET Framework 4'' install කර ඇති computers වලට පමණක් වන අතර install කිරීමේදී  NET Framework සම්බන්ද යම් දෝෂයක් පැමිණියහොත් පහත ඇති Click Here ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න) NET Framework 4 download කර install කිරීමෙන් පසුව නැවත උත්සහ කරන්න





මෙය මා විසින් නිර්මණය කරන ලද කුඩා software එකක් වන අතර මෙහිදී ඉකමනින් සහ අඩු දත්ත ප්‍රමාණයකින් email එකක් යැවීමේ හැකියාව පමණක් ඇති අතර අපට ලැබෙන email නැරබීමේ හැකියාවක් හෝ chat box එක තුලට files එකතු කිරීමේ හැකියාවක් නොමැත. ඉදිරියේදී එම තත්වයට develop කිරීමට නම් ලාවට අදහසක් ඇත :p



ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න එහෙනම් comment එකක් දාලම යමු අයේත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!

No comments:

Post a Comment