Android (Mobile operating system)
Android පිළිබද සවිස්තරාත්මක විස්තරයක්
සරලවම කියනවනම් Android කියන්නේ Operating System (OS)
එකක්. මොකක්ද මේ Operating System එකක් කියන්නේ? Operating System එකක් කියන්නේ යම් උපකරණයක් මෙහෙය වීම සදහා යොදාගන්නා මෙහෙයුම් පද්දතියටයි. උදාහරණයක් ලෙස පරිගණකය මෙහෙය වීම සදහා Windows වැනි මෙහයුම් පද්දතියක් තිබිය යුතුයි ඒ වගේම ජංගම දුරකථනයක් සදහාත් ඒ සදහාම නිර්මාණය වූ Operating System කිහිපයක්ම ඇත ඒවායින් කිහිපයක් නම් Android, iOS,
Windows, BlackBerry OS, Palam, Bada, MeeGo ආදී වශයෙන් තවත් බොහොමයක් මෙහයුම් පද්දති තිබෙනවා මුලදී දුරකථන සදහා පැවති Java,Simbiyan වැනි මෙහෙයුම් පද්දති දිගු කාලයක් බාවිතයේ රැදුනත් Windows,iOS,Android වැනි මෙහෙයුම් පද්දති එලි දැක්වීමත් සමගම පෙර තිබු මෙහයුම් පද්දති බාවිතයත් ප්‍රස්සිදියත් කෙමන් කෙමන් අඩුවුනි. මේ සමගම Android සහ ios යන මෙහෙයුම් පද්දති අද වන විට විශාල ප්‍රසිද්දියක් ලබා ඇති අතර මෙම සියලුම මෙහයුම් පද්දති අතරින් ජනප්‍රියම හා ජංගම දුරකථන ක්‍ෂේත්‍රයේ මහා පෙරලියක් ඇති කල Android වලට හිමි වී ඇත්තේ අද්විතීය වූ ප්‍රමුකතම ස්ථානයකි අද වන විට ලොව ජංගම දුරකථන බාවිතා කරන්නන්ගෙන් වැඩිම දෙනෙක් බවිතා කරන්නේ Android මෙහුම් පද්දතිය සහිත ජංගම දුරකථනයන්ය එම ප්‍රතිශතය 70.1% ක් පමණ වේ

මෙම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඇත්තේ Linux කර්නල් ප්‍රධාන කේත සටහන පාදක කොට ගෙනය මෙය නිර්මාණය කිරීම සදහා ක්‍රමලේඛන භාෂා හතරක් උපයෝගී කරගෙන තිබෙනවා. ඒ වගේම එම භාෂා හතරෙන් කේත කිරීමේදී බොහොමයක් කේත සටහන් ලියා තිබේ XML (කේත පේළි ලක්ෂ 30), C (කේත පේළි ලක්ෂ 28), Java (කේත පේළි ලක්ෂ 21), C++ (කේත පේළි 17.5) යොදාගෙන මෙය නිර්මාණය කර ඇත මෙම මෙහෙයුම් පද්ධතිය විවෘත කේත(Open Source) වැඩසටහනක් ලෙස නිර්මාණය කර ඇති නිසා කාටත් නොමිලේ ලබාගෙන, තමන්ට ඕනෑ හැටියට වෙනස් කොට භාවිත කිරීමේ අයිතිය හිමිවනු ඇත ගූගල් සමාගමෙන් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියෙහි අයිති කරුවා ලෙසට ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් (Open Handset Alliance) නැමැති සමාගම පිහිටුවා ගත්හ. මේ නිසාවෙන් පුද්ගලයෙක්ට මෙම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය දරඳඩු පිළිවෙළකට වෙනස් කර භාවිත කිරීමේ හැකියාවක් නොමැත. ලෝක ජංගම දුරකථන උපාංග නිෂ්පාදනය කරන ආයතන වල එකතුවෙන් මෙම නිර්මාණය කර ඇත.ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට ගැලපෙන ලෙස ජංගම දුරකථන නිර්මාණය කිරීම සහ අලුත් උපාංග වලට ගැලපෙන අයුරින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වැඩි දියුණු කිරීමේ මාවත් තොරා බේරා ගැනීම මෙහි අරමුනයි

Android 1.0 - 2008 සැප්ම්බර් 23
Android 1.6 - Donut - 2009 සැප්තැම්බර් 15
Android 2.0 - Eclair - 2009 ඔක්තෝම්බර් 26
Android 2.0.1 - Eclair - 2009 දෙසැම්බර් 30
Android 2.1 - Eclair - 2010 ජනවාරි 12
Android 2.2 - Froyo - 2010 මැයි 20
Android 2.2.1 - Froyo - 2011 ජනවාරි 18
Android 2.2.2 - Froyo - 2011 ජනවාරි 22
Android 2.2.3 - Froyo - 2011 නොවැම්බර් 21
Android 2.3 - Gingerbread - 2010 දෙසැම්බර් 6
Android 2.3.1 - Gingerbread - 2010 දෙසැම්බර්
Android 2.3.2 - Gingerbread - 2011 ජනවාරි
Android 2.3.3 - Gingerbread - 2011 පෙබරවාරි 9
Android 2.3.4 - Gingerbread - 2011 අප්‍රේල් 28
Android 2.3.5 - Gingerbread - 2011 ජූලි 25
Android 2.3.6 - Gingerbread - 2011 සැප්තැම්බර් 2
Android 2.3.7 - Gingerbread - 2011 සැප්තැම්බර් 21
Android 3.0 - Honeycomb - 2011 පෙබරවාරි 22
Android 3.1 - Honeycomb - 2011 මැයි 10
Android 3.2 - Honeycomb - 2011 ජූලි 15
Android 3.2.1 Honeycomb - 2011 සැප්තැම්බර් 20
Android 3.2.2 Honeycomb - 2011 අගෝස්තු 30
Android 3.2.3 Honeycomb - 2011
Android 3.2.4 Honeycomb - 2011 දෙසැම්බර්
Android 3.2.5 Honeycomb - 2012 ජනවාරි
Android 3.2.6 Honeycomb - 2012 පෙබරවාරි
Android 4.0 - Ice Cream Sandwich - 2011 ඔක්තෝම්බර් 19
Android 4.0.1 - Ice Cream Sandwich - 2011 ඔක්තෝම්බර් 21
Android 4.0.2 - Ice Cream Sandwich - 2011 නොවැම්බර් 28
Android 4.0.3 - Ice Cream Sandwich - 2011 දෙසැම්බර් 16
Android 4.0.4 - Ice Cream Sandwich - 2012 මාර්තු 29
Android 4.1 - Jelly Bean - 2012 ජූලි 9
Android 4.1.1 - Jelly Bean - 2012 ජූලි 23
Android 4.1.2 - Jelly Bean - 2012 ඔක්තෝම්බර් 9
Android 4.3 - Jelly Bean - 2013 ජූලි 24
Android 4.4 - KitKat - 2013 ඔක්තෝම්බර් 31
Android සමාගම විසින් එලි දැක්වූ නවතම සංස්කරණය වන්නේ Android 4.4 - KitKat වේ මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රථම වරට පණ ගැන්වුණු පළමු උපාංගය වන්නේ LG Nexus 5 දුරකතනයයි මෙම උපාංගය සමග Android 4.4 - KitKat නිල වශයෙන් ඔක්තෝම්බර් මස 31 වන දින එලි දක්වන ලදී මෙයත් ඉතාමත් ජනප්‍රිය වන සංස්කරණයක් වන බව නොවනුමානය
ඔන්න එහෙනම් මං ගියා.. එහෙනම් comment එකක් දාලම යමු ආයෙත් මේ වගේ වටිනා post එකකින් හම්බෙමු.. ජය වේවා!!!
No comments:
Post a Comment