Thursday, October 24, 2013

Windows පිළිබද සවිස්තරාත්මක විස්තරයක්

 Microsoft Windows (operating system)       

 

 


Windows පිළිබද සවිස්තරාත්මක විස්තරයක්






ඔන්න අද මම අරගෙන අවේ ගොඩක් වැදගත් Post එකක්. අද කියන්න යන්නේ windows පිළිබද විස්තර ටිකක්. එදා ඉදල windows වල වැඩ කලාට මොකද මේක ගැන ටිකක් හොයල බැලුවේ නැ නේ. ඔන්න දැන්වත් පොඩ්ඩක් දැනගන්නත් එක්ක කියවල බලන්න.නොදන්න අයට දැනගන්නත් එක්ක මෙන්න. හරි මුලින්ම අපි බලමු windows කියන්නේ මොකක්ද කියලා.ඇත්තටම windows කියන්නේ මෙහෙයුම් පද්ධතියක් (operating system). Mac OS,Linux,Ubuntu,Unix වැනි බොහෝ මෙහෙයුම් පද්ධති බිහි වී තිබුනද windows හි ඇති පහසුව හා කාර්යක්ෂමතාව නිසා එය ලොව ජනප්‍රියම හා වැඩි දෙනෙක් බාවිතා කරන මෙහෙයුම් පද්ධතිය බවට පත් වී ඇත.windows වර්ෂයෙන් වර්ෂය දියුවෙමින් පැමිණීම නිසා අනෙක් මෙහෙයුම් පද්ධති වලට තිබු ඉල්ලුම අඩුවිය.අද වනවිට ලොව පරිගණක භාවිතා කරන්නන්ගෙන් වැඩිම දෙනෙක් භාවිතා කරන්නේ windows මෙහෙයුම් පද්ධතියයි එම ප්‍රමාණය මිලියන 500 ඉක්මවා ඇත  එය ප්‍රතිශතයක් ලෙස දැක්වූ විට  91.36% පමණ අගයක් ගනී.






windows මෙහෙයුම් පද්ධතිය ගොඩනැගීම ආරම්භ වුයේ 1975 දී Paul Allen  සහ  Bill Gates යන දෙපළගේ සහයෝගයෙනි.මොවුන් 1975 දී Microsoft ආයතනය පිහිටුවගත්තහ . සැම ආරම්භයක් ලෙසම Microft  windows හි ආරම්භය කුඩා වුවත් මොවුන්ට විශාල දැක්මක් තිබුණි.මවුන්ගේ දැක්ම වී තිබුනේ "සෑම මේසයක් මත සහ නිවසක් තුල පරිගණකයක්" යන්නයි.මෙසේ වර්ෂයෙන් වර්ෂය දියුණු වෙමින් පැමිණි windows මිනිසා කටයුතු කරන ආකාරය වෙනස් කිරීමට පටන් ගත්තේය.මෙසේ ආරම්භ වූ microsoft windows හි ආරම්ය ලෙස 1981 දී මොවුන් MS Dos නමැති මෙහෙයුම් පද්ධතිය හදුන්වා දුන්නේය. මෙය CLI හෙවත් comand line interface (විධාන රේඛා අතුරුමුහුණත්) ආකාරයේ මෙහෙයුම් පද්ධතියකි.මෙහිදී පරිශීලකයාට පරිගණක භාවිතය අපහසු වේ.මන්ද විධාන බොහොමයක් මතක තබා ගැනීමට සිදු වන නිසාය. ඉන් අනතුරුව එම අපහසුතාවය මගහරවා ගනිමින් microsoft ආයතනය 1985 නොවැම්බර් 20 වන දින windows 1.0 ආරම්භ කළේය.එය GUI හෙවත් Graphic User Inteface (චිත්‍රක පරිශීලක අතුරු මුහුණත්) ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් ලෙස ඉදිරිපත් කර ඇත.windows 1.0 මගින් microsoft ආයතනය windows 2.0 සාර්ථකව හදුන්වා  දුන්නේය.windows මෙහෙයුම් පද්ධතියෙන් පළමුවෙන්ම පන ගැන්වුයේ IBM පරිගණක වේ.මෙසේ වර්ෂයෙන් වර්ෂය නව සංස්කරණයන් ඉදිරිපත් කරමින් වර්තමානයේ  පැමිණි microsoft windows හි නවතම සංස්කරණය වන්නේ windows 8.1 වේ.මෙය  මෙම  වර්ෂයෙ ඔක්තෝබර් 17 හදුන්වාදෙන ලදී.මෙලෙස 1981 සිට වර්තමානය දක්වා microsoft windows හි ගමන් මග පහත දැක්වෙන ආකාරයට දැක්විය හැකියි.


MS DOs-1981 අගෝස්තු
windows 1.0-1985 නොවැම්බර් 20
windows 2.0-1987 දෙසැම්බර් 09
windows 2.1x-1988 මැයි
windows/286 2.10-1988 මැයි 27
windows/386 2.10-1988 මැයි 27
windows 2.11 -1989 මාර්තු 13
windows 3.0-1990 මැයි 22
windows 3.1 -1992 අප්‍රේල් 6
windows NT-1993 ජූලි 27
windows NT 3.5-1994 සැප්තැම්බර් 24
windows NT 3.51-1995 මැයි 30
windows NT 4.0-1996 ජූලි 29
windows 2000-2000 පෙබරවාරි 17
windows 2000 datacenter server-2000 සැප්තැම්බර් 26
windows xp 32bit-2001 ඔක්තෝබර් 01
windows xp 64bit-2003 මාර්තු 28
windows xp professional-2005 අප්‍රේල් 25
windows server 2003-2003 අප්‍රේල් 24
windows server 2003 R2-2005 දෙසැම්බර් 06
windows server 2008-2008 පෙබරවාරි 27
windows server 2008 R2-2009 ඔක්තෝබර් 22
windows server 2012-2012 සැප්තැම්බර් 04
windows server 2012 R2-2013 ඔක්තෝබර් 18
windows home server-2007 ජූලි 16
windows home server 2011-2011 අප්‍රේල් 06
windows vista-2006 නොවෙම්බර් 30
windows 7-2009 ඔක්තෝබර් 22
windows 8-2012 ඔක්තෝබර් 26
windows 8.1-2013 ඔක්තෝබර් 17





 windows නිර්මාණය කොට ඇත්තේ windows NT family,Hybrid Windows 9x,Monolithic යන kernal ප්‍රධාන කේත ක්‍රමය පාදක කොට ගෙනය.windows නිර්මාණය කිරීමට ක්‍රමලේඛන භාෂා තුනක් යොදාගෙන ඇත.ඒවා නම් assembly,c (කේතපේලි ලක්ෂ 28),c++(කේතපේලි 17.5)යන ක්‍රමලේඛන භාෂා තුන වේ.

             
                          
 ඒ වගේම windows මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාව පිළිබදව සලකා බැලීමේදී එය ඉතා උසස් මට්ටමක පවතින බව කිව හැකිය.microsoft සමාගම.windows හි පැරණි සංස්කරණයන්හි  ආරක්ෂාව පිළිබදව එතරම් සැලකිලිමත් නොවී ඇති  බව පෙනී යයි.එහෙත් windows හි 2000 වසරේ සංස්කරණය වන windows 2000 පටන් microsoft සමාගම ඔව්න්ගේ මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාව පිලිබදව බෙහෙවින් සැලකිලිමත් වී ඇත.1990 වැනි වර්ෂ වල Internet තිබුනද ඒවා භාවිත කරන්නන් අඩු ප්‍රතිශතයක් ගත් නිසා හා Internet හි ව්‍යප්තිය අඩු වූ බැවින් microsoft සමාගම internet security පිලිබදව එතරම් සොයා බලා නැත.එහෙත් වර්තමානය වන විට අන්තර්ජාලය භාවිත කරන්නන් ඉතා අධික නිසා ඔව්න් windows මෙහෙයුම් පද්ධතියට internet security පිලිබදව වැඩසටහන්ද යොදා ඇත.2005 වසරේ ජූනී මාසයේ   Bruce Schneier (පරිගණක ආරක්ෂාව හා පව්ද්ගලික භාවය පිල්බද මහාචාර්ය වරයෙකි)විසින් 1000 ක පමණ නව වෛරස අන්තර්ජාලය තුල තිබෙන බව සොයා ගැනීම හා kaspersky lab තවත් වෛරස සහ දෝෂ 11 000 පමණ සොයා ගැනීම නිසා microsoft සමාගම windows මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාවට නව ආරක්ෂණ වැඩසටහන් ඉදිරිපත් කිරීම ආරම්භ කළහ.එම ආරක්ෂණ වැඩසටහන් සදහා ආසන්න වශයෙන් මසකට වරක් (සාමාන්‍යයෙන් එම මාසයේ දෙවන අඟහරුවාදා)නව සංස්කරණයන් ඉදිරිපත් කරයි.2006 ජනවාරි මාසයේ 6 වන දින microsoft ආයතනය  beta version නමැති microsoft හි antispyware(ආරක්ෂණ)වැඩසටහන එලි දක්වන ලදී.මෙය  මෙම සංස්කරණයට පෙර පැමිණි Giant antispyware වැඩසටහන පාදක කොටගෙන නිර්මාණය කරන ලද්දකි.2006 වර්ෂයේ පෙබරවාරි මාසයේ 14 වන දින windows defender නමැති අදටත් භාවිතයේ තිබෙන antispyware වැඩසටහනෙහි පළමු සංස්කරණය microsoft ආයතනය විසින් එලි දැක්වුවේය.මෙය spyware සහ අනවශ්‍ය වැඩසටහන් වලින් අපගේ පරිගණකය ආරක්ෂා කරගැනීම සදහ නිර්මාණය කර ඇත.මෙය microsoft security essentials පාදක කොටගෙන නිර්මාණය කර ඇත.


microsoft ආයතනය අපගේ පරිගණක වලට පමණක් නොව අපගේ දුරකථන සදහාද මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කොට ඇත.මෙය 2000  වර්ෂයේ පමණ තිබුණු  smart phones (eg:pocket pc) හෙවත් පරිගණකයට සමාන කාර්යයන්  කරගත හැකි දුරකථන සදහා ගැලපෙන පරිදි නිර්මාණය කොට ඇත.මෙය CE කර්නල් ප්‍රධාන කේත සටහන පාදක කොට ගෙන නිර්මාණය කර ඇත.මෙම දුරකථන මෙහෙයුම් පද්ධතිය ප්‍රථම වරට 2000 වර්ෂයේ  අප්‍රේල් මාසයේ පළමු වරට ඉදිරිපත්කොට ඇත.මෙම මෙහෙයුම් පද්ධතියෙන් පළමුවෙන්ම පණ ගැන්වුන උපාංගය  වන්නේ acer n10 නමැති pocket pc උපාංගයයි.මෙතැන් පටන් windows mobile හි නව සංස්කරණයන් එළිදැක්විණි.ඒවා පහත ආකාරයට වේ.


windows mobile 2003
windows mobile 2003 SE
windows mobile 5.0
windows mobile 6.0
windows mobile 6.1
windows mobile 6.5

windows mobile 6.5 වලින්  පසුව 2010 නොවැම්බර් මාසයෙන් windows mobile එළිදැක්වීම අවසන් විය.ඉන් පසුව එලි දැක්වුයේ windows mobile වලට වඩා හාත් පසින්ම වෙනස් වූ windows phone නමැති
smart phone මෙහෙයුම් පද්ධතියයි.එය වර්තමානයේ දුරකථන මෙහෙයුම් පද්ධති අතර තෙවැනි ස්ථානය හිමි කොට ගෙන ඇත.මෙම නවතම windows phone මෙහෙයුම් පද්ධතිය ප්‍රථමයෙන්ම එළිදැක්වූයේ 2010 නොවැම්බර් මාසයේ වේ.මෙය එතැන් පටන් අද දක්වා පහටහ  නව සංස්කරණයන් පැමිණෙමින් විකාශනය වී ඇත.

   
windows phone 7
windows phone 7.5
windows phone 7.5 Refresh
windows phone 7.5 tango
windows phone 7.8
windows phone 8

වර්තමානයේ මේවා අතරින් බහුලව භාවිත වන්නේ windows phone 8 මෙහෙයුම් පද්ධතියයි.මෙලෙස අපගේ පරිගණක වලට හා ජංගම දුරකථන සදහා නව සංස්කරණයන් ඉදිරිපත් කරමින් පැමිණි windows අද වන විට ලෝකයේ බහුලවම ව්‍යාප්ත වී ඇති මෙහෙයුම් පද්ධතියයි.


 

ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න එහෙනම් comment එකක් දාලම යමු අයේත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!





 



                                                                             


No comments:

Post a Comment