Wednesday, January 15, 2014

2013 වසරේ හොඳම Smart Phone දහය

Top ten Smart phones 2013





2013 වසරේ හොඳම Smart Phone දහ




හැමදෙයක්ම වේගයෙන් වෙනස්වෙන බව කව්රුත් හොදින් දන්නා දෙයක්නේ.වෙනස් වන දේවල් හැටියට ඒවායේ මිල,Hardware ,software ආදිය හැඳින්විය හැකියි.
මේ විදියට වෙනස් වෙන smart phone ලෝකයේ 2013 වසරේ හොදම smart phone 10 ගැන තමයි දැන් අපි ඔයාලට කියන්න යන්නේ.මෙන්න ඒ 2013 වසරේ හොදම smart phone 10





10.Samsung Galaxy Note 2



මෙය smart phone ලෝකය තුල කැලබීමක් ඇති කල ජංගම දුරකතනයකි.මෙය  tablet pc හා smart phone යා කරන  පුරුකක් කීවත්  නිවැරදිය.එසේ සිදු වී ඇත්තේ මෙහි අඟල් 5.5 ක display එකක් තිබීමයි මෙවැනි දුරකථන phablet ලෙස හදුන්වනු ලැබේ.මෙම දුරකථනය  සමහර අයට විශාල වුවත් මෙහි තිබෙනා පහසුකම් නිසා එය 2013 වසරේ හොදම smart phone 10 තුල 10 වන තැන ලබාගෙන තියෙනවා.මෙහි තිබෙන features ඔන්න මම පල්ලෙහායින් දැම්ම ඒවත් බලන්නකෝ.


Features:-  Os:Android 4.1.1(Jelly Bean),upgradeable to 4.3(jellybean)

Chipset:Exynos 4412 Quad

CPU:Core 2 Quad 1.6Ghz Cortex A9

GPU:Mali 400-MP

Camera:8Mp, 3264x2448p,auto focus,LED flash,1080p @30 fps Video recording

Network:2G,3G,4G

Display:Super AMOLD capacitive touch screen,16M colors,720x1280p,5.5.inches,(~ppi 267 ppi pixel density)Multitouch

මෙම smart phone එක ගැන මීට වඩා විස්තර ඕනේ නම් මෙතන click කරන්න.



09.Sony Xperia Z



මෙය sony mobile ආයතනය විසින් නිෂ්පාදනය කර ඇති උසස් මට්ටමේ smart phone දුරකතනයකි.මෙය 2013 වසරේ පෙබරවාරි මාසයේ sony mobile ආයතනය විසින් නිකුත් කොට ඇත.මෙහි ප්‍රධාන විශේෂත්වය වන්නේ මෙය water proof ජංගම දුරකතනයක් වීමයි.එනම් ජලයට ඔරොත්තු දෙන පරිදි මෙය නිර්මාණය කර තිබීමයි.එමගින් මෙම දුරකතනය මගින් ජලය යට ඡායාරූප ගැනීමට හැකියාවද ඇත.මෙන්න ඒ වගේ ජලය යටදී මෙම දුරකතනයෙන් ගත් ඡායාරූපයක් 


මෙසේ විශේෂතා ගොඩක් ඇති මෙම smart phone දුරකතනයේ features මෙන්න


Features:- OS:Android 4.1.2(Jellybean),4.3(Jellybean),Planned upgrade to 4.4(kikkat)

Chipset:Qualcom MDM9215M/APQ8064

CPU:Quad Core 1.5GHz Krait

GPU:Adreno 320

Camera:13.1Mp,4128x3096p,autofocus,LED flasher,2.2 secondary camera,1080p@30fps video recording

Network:2G,3G,4G Networks

Display:TFT capacitive Touch screen,16M colors 1080x1920p,5.0 inches(~441 ppi pixel density)Multitouch up to 10 fingers

මෙම smart phone එක ගැන මීට වඩා විස්තර ඕනේ නම් මෙතන click කරන්න.



08.Nokia Lumia 1520





මෙය Nokia ආයතනය විසින් හදුන්වාදී ඇති Lumia දුරකථන පෙළෙහි නවතම සංස්කරණයයි.මෙය 2013 වසරේ ඔක්තෝබර් මස Nokia ආයතනය විසින් හදුන්වා දී ඇත.මෙය ලොව දැනට ඇති විශාලතම windows phone දුරකතනය ලෙස සැලකේ.ඒ මෙහි තිරය අඟල් 6.0 වීම නිසාවෙනි.මෙවැනි විශේෂතා විශාල ප්‍රමාණයක් ඇති මෙම දුරකතනයේ Features මෙන්න.



Features:- OS:Microsoft windows phone 8

Chipset:Qualcom MSM 8974 Snapdragon 800

CPU:Quad Core 2.2Ghz Krait 400

GPU:Adreno 330

Camera:20 Mp,Carl Zeiss optics,optical stabilization,autofocus,dual-LED flash.1080p@30fps Video Recording,1.2MP Secondary camera

Network:2G,3G,4G networks

Display:IPS LCD capacitive touchscreen,16M colors,1080x1920p,6.0 inches(~367 ppi pixel density)Multitouch


මෙම smart phone එක ගැන මීට වඩා විස්තර ඕනේ නම් මෙතන click කරන්න.


07.Motorola Moto G




මෙම ජංගම දුරකථනය motorola ආයතනය විසින් 2013 නොවැම්බර් මාසයේ හදුන්වා දෙන ලද smart ජංගම දුරකතනයකි.මෙය  මෙම smart phone එක මෙය අයත් පන්තියෙහි මිල අඩුම ජංගම දුරකථන අතර පවතී.එම නිසා මෙයට ලොව තුල දැඩි ඉල්ලුමක් ඇති විය.මෙය android kikkat මෙහෙයුම් පද්ධතියට upgrade කිරීමට හැකි වීමද මෙම motorola moto g දුරකතනය සතු විශේෂත්වයකි.මේ දුරකතනය ගැන වැඩි දුර විස්තර මෙන්න.

Features:Android Os 4.3(JellyBean)upgradable to 4.4(kikat)

Chipset:Qualcomm Snapdragon 400

CPU:Quad core 1.2 GHz CortexA7

GPU:Adreno 305

Camera:5MP.2592x1944p,auto focus,LED flash,720p@30fps Video Recording,1.3 Secondary Camera

Networks:2G and 3G

Display:lps LCD capacitive touch screen,16m colors,720x1280p,4.5inches(~326 ppi pixel density)

මෙම smart phone එක ගැන මීට වඩා විස්තර ඕනේ නම් මෙතන click කරන්න.





06.Nexus 5



මෙය Google ආයතනය හා LG ආයතනය එක්ව නිර්මාණය කරන Smart Phone දුරකතනයකි.මෙය Nexus smart phone මාදිලියේ නවතම සංස්කරණයයි.මෙය ඔක්තෝබර් මස 31 වෙනි දින google play හි එලි දක්වන ලදී.මෙය LG G2 දුරකතනයට සමානකමක් දක්වයි.android 4.4(Kikkat) මෙහෙයුම් පද්ධතියෙන් පන ගැන්වුණු පළමු දුරකතනය මෙය වේ.එම නිසා ලෝකයේ smart phone ලෝලියන්ගේ අවදානය මෙම දුරකතනය  එල්ල විය.මේ smart phone දුරකතනයේ features පහත පරිදි වේ.

features:- Android Os,4.4 (Kikkat)upgradable to 4.4.2 (Kitkat)

Chipset:Qualcom MSM 8974 Snapdragon 800

CPU:Quad Core 2.3 Ghz Krait 400

GPU:Adreno 330

Camera:8MP.3264x2448p,autofocus,optical image stabliziation,LED flash,1080p@30 fps Video Recording,1.3MP secondary Camera

Networks:2G,3G,4G networks

Display:True IPS +caacitive touchscreen,16M colors,1080x1920p,4.95 inches(~445 ppi pixel density)

මෙම smart phone එක ගැන මීට වඩා විස්තර ඕනේ නම් මෙතන click කරන්න.


05.Samsung Galaxy S4



මෙය samsung Galaxy s දුරකථන පෙළෙහි නවතම සංස්කරණයයි.මෙය samsung සමාගම විසින් නිපදවනු ලැබේ.2013 වසරේ අප්‍රේල් මස වෙළදපොලට නිකුත් කරන ලදී.මෙහි විශේෂත්වයක් වන්නේ මෙය samsung ආයතනයෙන් වේගයෙන්ම විකුණන ලද දුරකථනය ලෙස සැලකේ.මෙන්න මෙහි features.

Features:- Android OS,4.2.2(Jellybean)upgradable to 4.3(jelly bean)

Chipset:Exynos 5 octa 5410

CPU:Quad Core 1.6 Ghz cortex A15 and Quad Core 1.2 Ghz Cortex A7 

GPU:PowerVR SGX 544MP3

Camera:13MP.4128x3096p,autofocus,face and smil detection,image stabilization,HDR,1080p@30fps,2MP Secondary Camera

Network:2G,3G,4G networks

Display:Super AMOLED capacitive touch screen,16M colors,1080x1920p,5.0inches(~441ppi pixel density)

මෙම smart phone එක ගැන මීට වඩා විස්තර ඕනේ නම් මෙතන click කරන්න.



04.Samsung Galaxy Note 3


මේක අපි කලින් කියපු Galaxy Note 2  දුරකථනයට පසුව පැමිණි  දුරකථනයයි.Galaxy Note දුරකථන පෙළෙහි නවතම සංස්කරණය වන්නේද මෙයයි.මෙම phablet දුරකතනයේ මෙයට කලින් පැමිණි phablet දුරකථනය වන  Galaxy Note 2 දුරකතනයට වඩා විශාල තිරයක් තිබීමද මෙහි  විශේෂත්වයකි. මෙහි තිරය අඟල් 5.7 වේ.තවද android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන kikkat මෙහෙයුම් පද්ධතියට upgrade කිරීමට හැකි වීමද මෙහි කැපී පෙනෙන ලක්ෂණ අතර වේ.ඒ වගේම 3GB Ram එකක් තිබීමද මෙය 2013 වසරේ හොදම දුරකථන 10 තුලට එක්වීමට බලපෑ හේතුවකි.මේ වගේ විශේෂතා ගොඩක් තියෙන මෙම දුරකථනයේ තවත් විශේෂතා මෙන්න .

Features:Android Os 4.3(Jelly Bean)upgradable to 4.4(kikkat)

Chipset:Qualcomm Snapdragon 800/Exynos 5 Octa 5420

CPU:Quad core 2.3Ghz Krait 400/Quad core 1.9Ghz Cortex A15 & Quad Core 1.3Ghz Cortex A9 processor

GPU:Adreno 330/Mali T628 MP6

Camera:13MP.auto focus,optical image stabilization,LED Flash,2160p@30fps Video Recording,2 Mp Secondary camera

Networks:2G,3G(N9002,N9005,N9006,N900W8),4G(N9005,N900W8)

Display:Super AMOLED capacitive touch screen,16M colors,1080x1920p ,5.7inches(~386ppi pixel density)

මෙම smart phone එක ගැන මීට වඩා විස්තර ඕනේ නම් මෙතන click කරන්න.




03.LG G2







ගොඩක් කස්ටිය හිතන්නේ LG smart phone එතරම් හොද දුරකථන නොවන බවයි,එත් මෙන්න ඒ වගේ කස්ටියට ඒ අදහස ඉවත් කරගන්න LG ආයතනය විසින් නිපද වූ පට්ට smart phone එකක්,2013 සැප්තැම්බර් 12 වන දින මෙම දුරකථනය වෙළද පොලට හදුන්වා දී ඇත.මෙහි පෙනුම Nexus 5 දුරකතනයේ වැනිය.හරි වැඩි කතා ඕනේ නෑ මෙන්න මේ smart phone එකේ features

Features:Android Os 4.2.2(JellyBean)

Chipset:Qualcomm MSM8974 Snapdragon 800

CPU:Quad core 2.26GHz Krait 400

GPU:Adreno 330

Camera:13MP,autofocus,optical image stabilization ,LED Flash,1080p@60fps video recording,2.1 Secondary camera

Networks:2G,3G,4G}CDMA version

Display:True Hd lps+LED capacitive touch screen,16M colors,1080x1920p,5.2 inches(~424 ppi pixel density)

මෙම smart phone එක ගැන මීට වඩා විස්තර ඕනේ නම් මෙතන click කරන්න.


02.Apple Iphone 5s


මෙම smart phone දුරකථනය කලින් සදහන් කල smart phones වලට වඩා බෙහෙවින් වෙනස් ජංගම දුරකතනයකි. මෙම Iphone 5s දුරකතනය IOS මෙහෙයුම් පද්ධතියෙන් පණ ගැන්වී තිබීම එයට හේතුවයි.2013 වසරේ හොදම smart phone දහය තුල  android මෙහෙයුම් පද්ධතියෙන්  බලග්නවා නොමැති එකම දුරකතනය මෙයයි.ලොව බොහෝ පුද්ගලයින් සිතා සිටින්නේ android මෙහෙයුම් පද්ධතිය IOS මෙහෙයුම් පද්ධතියට වඩා දියුණු බවයි.එත් මේ iphone 5s දුරකථනය android smart phone විශාල ප්‍රමාණයක් අභිබවා 2013 වසරේ ලොව හොදම smart phone 10 තුල 2 වන තැන ලබාගෙන සිටී.එයට හේතුව මෙය ලොව පුර ඉතා ඉකමනින් විකිණීමයි.මෙන්න මේ apple iphone 5s දුරකථනයේ features

Features:IOS 7 upgradable to IOS 7.0.4

Chipset:Apple A7

CPU:Dual Core 1.3 Ghz Cyclone (Arm V8 based)

GPU:Power VR G6430(Quad Core Graphics)

Camera:8MP.3264x2448p,auto focus,Dual LED(true tone)Flash,1080p@30fps Video Recording,1.2MP Secondary Camera

Networks:2G,3G,4G LTE

Display:LED-blacklit lps LCD,capacitive touch screen,16M colors,640x1136p,4.0inches(~326 ppi pixel density)

මෙම smart phone එක ගැන මීට වඩා විස්තර ඕනේ නම් මෙතන click කරන්න.


01.HTC One


2013 වසරේ හොදම smart phone දුරකථනය වී ඇත්තේ htc ආයතනය විසින් නිපදවා ඇති htc one දුරකථනයයි.මෙය 2013 වසරේ මාර්තු මස වෙළද පොලට නිකුත් කර ඇත.මෙම smart phone දුරකථනය අතිවිශිෂ්ට Hardware හා software අංග භාවිතයෙන්  නිපදවා ඇත.HTC ආයතනය විසින් මෙයට පෙර නිපදවූ htc one x දුරකථනය වාණිජ වශයෙන් අසාර්ථක වූ බැවින් එයට පිළිතුරු වශයෙන් මෙම htc one දුරකථනය නිපදවා ඇත.එවැනි එක අංගයක් ලෙස මෙහි ඇලුමිනියම් වලින් නිපදවා ඇති රාමුව හදුන්වා දිය හැකිය.තවද මෙහි sound ලොව ප්‍රකට Beats by Dr.Dre ආයතනය විසින් ලබා දී ඇත.මෙවැනි විශේෂතා විශාල ප්‍රමාණයක් ඇති 2013 වසරේ හොදම smart phone දුරකතනයේ features මෙන්න.

Features:Android Os 4.1(JellyBean),4.3(JellyBean),planned Upgradeble to 4.4(kikkat)

Chipset:Qualcomm APQ8064T Snapdragon 600

CPU:Quad Core 1.7GHz Karit 300

GPU:Adreno 320

Camera:4MP,2688x1520p,auto focus,optical image stabilization,LED Flash,1080p@30fps Video Recording,2.1MP Secondary camera

Networks:2G,3G,4G LTE

Display:Super LCD3 capacitive touch screen,16M colors,1080x1920p,4.7 inches(~469 ppi pixel density)


මෙම smart phone එක ගැන මීට වඩා විස්තර ඕනේ නම් මෙතන click කරන්න.






ඔන්න එහෙනම් මං ගියා.. අනිවා comment එකක් දාලම යමු. ආයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!





                    
                    

2 comments: